A businesswoman in a suit throws money while calculating finances in a modern office.

Printers ගන්නට පෙර සිතා බලමු

හැමදේම ඩිජිටල් වෙන යුගයක වුණත් ප්‍රින්ටර් වල අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවුනා මිසක් අඩු වුනේ නැහැ. අදවෙද්දි බොහෝදෙනා තමන්ගෙම කියලා පොඩි ප්‍රින්ටර් එකක් මිලදීගන්න පෙලඹිලා තියනව. ඒ අතරිනුත් අතිශය බහුතරයක් නිවෙස්වල සහ ඔෆිස්වල භාවිතයට ගන්නෙ ඉන්ක් ජෙට් ප්‍රින්ටර්ස් (Inkjet Printers). නමුත් බහුතරයකට නිවැරදි ප්‍රින්ටර් එක තෝරගන්නෙ කොහොමද කියල සාමාන්‍ය අවබෝධයක්වත් නැතිවීම නිසා මිලදීගැනීමෙන් පස්සෙ බොහෝ අපහසුතාවන්ට ලක්වෙනව. ඒනිසා තමන්ට හරියටම ගැලපෙන ප්‍රින්ටර් එක තෝරගන්න ඔයා සලකා බලන්න ඕන මොනවගේ කරුණුද කියල අපි මේ පෝස්ට් එකෙන් සලකා බලමු.

01. ඔබේ ප්‍රධාන මුද්‍රණ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගන්න(Primary Printing Needs)

තමන්ගෙ කාර්‍යයට අදාලව හරියටම ගැලපෙන ප්‍රින්ටර් එක තෝරාගැනීම ඉතාම වැදගත්. තමන්ගේ අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රින්ටර් එකක් ගැනීමෙන් ඔයාගෙ මුදල් අනවශ්‍ය විදියට විනාශ වෙනව. අනිත් අතට තමන්ගෙ අවශ්‍යතා ඉටුකරගන්න බැරි ප්‍රින්ටර් එකක් ගත්තොත් ටික දවසකින් ප්‍රින්ටර් එක භාවිතයෙන් ඉවත් කරන්න ඔයාට සිද්ද වෙනව. උදාහරණයක් විදියට ගත්තොත් නිවෙසක භාවිතා කරන ඉන්ක් ජෙට් ප්‍රින්ටර් එකක ස්පීඩ් එක අඩුවීම ඔබට එතරම් ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්. නමුත් ඔෆිස් එකකදි තත්වය වෙනස්. එතනදි වේගය ඉතාම වැදගත්. තවත් උදාහරණයක් විදියට ඔබ ෆොටෝග්‍රැපි කරන කෙනෙක්නම් ඔබ මිලදී ගන්න ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් කොලිටි එක වැඩිවීම ඉතා වැදගත්.

02. මුද්‍රණ තත්වය (Print Quality – Resolution)

ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් වල ප්‍රින්ට් කොලිටි එක පුලුල් පරාසයක පැතිරිලා තියනව. ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් කොලිටි එක DPI ( Dots Per Inch) නම් ඒකකයෙන් නිරූපණය වෙනව. සාමාන්‍යෙන් 300 DPI මට්ටමේ ප්‍රින්ටර් එකක් සාමාන්‍ය Text සහ කොලිටි එක අඩු ඉමේජ් ප්‍රින්ට් කරන්න යොදාගන්න පුලුවන්. 600-1200 DPI පරාසයේ ප්‍රින්ටර්ස් හොඳ තත්වයේ ඉමේජ් සහ අකුරු මුද්‍රණය කරන්න යොදාගන්න පුලුවන්. 1200 DPI ඉහල ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් Professional Photography සහ ග්‍රැෆික් ඩිසයින් කටයුතු සඳහා යොදාගන්න පුලුවන්. විශේෂයෙන්ම ෆොටෝ ප්‍රින්ට් කරන්න අවශ්‍ය අය ඒ සඳහාම නිෂ්පාදිත ෆොටෝ ප්‍රින්ටර් එකක් මිලදී ගැනීම ඉතා වැදගත්.

03. මුද්‍රණ වේගය (Printing Speed)

ප්‍රින්ටර් එකක වේගය මනින්න සාමාන්‍යෙන් යොදාගන්නෙ PPM – Pages Per Minute එහෙම නැත්නම් විනාඩියකට ප්‍රින්ට් වෙන පිටු ගණනින්. ඔයා දිනපතා වැඩි කොල ප්‍රමාණයක් ප්‍රින්ට් කරනවනම් වේගය වැඩි ප්‍රින්ටර් එකක් ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් බොහෝවිට නිවෙස්වල භාවිතයට ගන්න ප්‍රින්ටර් වල වේගය ඒතරම්ම වැදගත් සාධකයක් වෙන්නෙ නැහැ.

04. තීන්ත වර්ගය සහ වියදම (Ink type and Cost)

ඉන්ක්ජෙට් ප්‍රින්ටර් ඉන්ක් කාට්‍රිජ් සහ ඉන්ක් ටෑන්ක් වශයෙන් වර්ග දෙකකින් වෙලඳපොලේ දකින්න ලැබෙනව. ප්‍රින්ටර් එකක් භාවිතා කරද්දි ඔබට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රධානම ගැටලුව තමයි මේ තීන්ත සඳහා දරන්නට සිද්දවෙන අධික පිරිවැය.

ඉන්ක් කාට්‍රිජ් මිලදීගන්නවනම් ඔබ ඒ කාට්‍රිජ්(Cartridge) එකක මිල සහ එම කාට්‍රිජ් එකකින් ප්‍රින්ට් කරගන්න පුලුවන් පිටු ගණන සලකා බලන්න අවශ්‍යයි. එමගින් ඔබට පිටුවක් ප්‍රින්ට් කිරීම සඳහා යන දල වියදම ගැන අදහසක් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඉන්ක් ටෑන්ක් වර්ගයේ ප්‍රින්ටර් වල සාමාන්‍යෙන් වැඩි පිටු ගනනක් ප්‍රින්ට් කරගැනීමේ හැකියාව තිබෙනවා

05. භාවිතා කරන කඩදාසි වර්ගය (Paper Handling)

ඉන්ක්ජෙට් ප්‍රින්ටර් භාවිතා කරන බොහෝදෙනා සාමාන්‍යෙන් එදිනෙදා භාවිතා කරන්නේ A4 වැනි කඩදාසි. නමුත් ඔබට ප්‍රින්ටර් එක භාවිතයෙන් ෆොටෝ ප්‍රින්ට් කරගැනීමට අදහස් කරනවානම් අනිවාර්‍යයෙන් ඔබ මිලදී ගන්නා ප්‍රින්ටර් එකට ෆොටෝ පේපර් හැසිරවීමේ හැකියාව තිබෙනවාදැයි සොයාබැලිය යුතුයි. මීට අමතරව ස්ටිකර් කාඩ්, ලේබල්, ෆැබ්‍රික්ස් (Fabrics) වගේ මාධ්‍ය යොදාගන්න අදහස් කරනවනම් ඒවාද හැසිරවීමේ හැකියාව ඔබ මිලදී ගන්නා ප්‍රින්ටර් එකට තිබිය යුතුයි.

06. අනෙකුත් උපකරණ සමග සම්බන්ධ කිරීමේ හැකියාව ( Connectivity)

ඔබේ අවශ්‍යතාවය මත ඔබගේ ප්‍රින්ටර් එක විවිධ උපකරණ සමග සම්බන්ධ කිරීමට ඔබට සිදුවෙන්න පුලුවන්. ඒ සඳහා පහසුකමත් මිලදී ගන්නා ප්‍රින්ටර් එක සතුව තිබිය යුතුයි. බොහෝ මූලික මට්ටමේ ප්‍රින්ටර් USB මගින් සම්බන්ධ කල හැකියි. මීට අමතරව ඔබේ අවශ්‍යතාව මත WIFI, Ethernet , Mobile Printing , Cloud Printing වැනි පහසුකම් සහිත ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් මොඩල මිලදීගන්න පුලුවන්.

07. බහුකාර්‍ය පහසුකම් ( Multifunction Features)

ඔබ මිලදී ගන්නා ප්‍රින්ටර් එකට මුද්‍රණ හැකියාවට අමතරව Scanning and Copying, Duplex, Fax වැනි පහසුකම් අන්තර්ගතනම් වෙනත් උපකරණ කිහිපයකින් සිදුකරගන්නා කාර්‍යයන් ඔබට ප්‍රින්ටර් එක භාවිතයෙන්ම සිදුකරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒනිසා ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පහසුකම් සහිත ප්‍රින්ටර් මොඩලයක්ම තෝරාගැනීමට සැලකිලිමත් වෙන්න.

08.කාර්‍යක්ෂමතාවය (Energy Efficiency)

ඔබේ ප්‍රින්ටර් එක භාවිතයේදී එහි විදුලි පරිභෝජනය කිරීම අඩුවීම ඉතාම වැදගත් කාරණාවක්. සෑම විටම ප්‍රින්ටර් එකක් මිලදී ගැනීමේදී Energy Star සහතිකය ලත් ප්‍රින්ටර් එකක්ම මිලදී ගන්න සැලකිලිමත් වෙන්න.

09. ප්‍රින්ටර් එකේ ප්‍රමාණය සහ සැකැස්ම ( Size and Design)

ඔබේ ප්‍රින්ටර් එකේ ප්‍රමාණය සහ හැඩය වැනි සාධක පිලිබඳ්වත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. එමගින් ප්‍රින්ටර් එක හැසිරවීමේදී ඔබට සිදුවිය හැකි අපහසුතා මගහරවාගත හැකියි.

10. සන්නාමය සහ අලෙවියෙන් පසු සේවාව (Branding and Customer service)

වෙලඳපොලේ බොහෝකාලයක් විශ්වාසය දිනාගත් වෙලඳනාම යටතේ ඇති ප්‍රින්ටර් එකක් මිලදී ගැනීමෙන් බොහෝ දුෂ්කරතා මගහරවාගන්න පුලුවන්. බොහෝවිට එවැනි සන්නාම සහිත සමාගම් ඔබට වගකීම් සහතිකයද ලබාදෙනව. ඒවගේම ඔබේ ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකට අලෙවියෙන් පසු නඩත්තු පහසුකම් මෙන්ම තීන්ත මිලදී ගැනීමේ හැකියාව පිලිබඳවත් ඔවුන් සමග සාකච්චා කර සහතික කරගන්න.

ඉහත කාරණා සියල්ල ප්‍රවේශමෙන් සලකා බලා ප්‍රින්ටර් එකක් මිලදී ගැනීමෙන් ඔබට ගොඩක් දුෂ්කරතා මගහරවා ගන්න පුලුවන්. ප්‍රින්ටර් එකක් මිලදී ගැනීමට අදහස් කරන ඔබේ මිතුරාට , හිතවතාට දැනගැනීම සඳහා මේ පෝස්ට් එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.🥰

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Scroll to Top